71 වැනි ජාතික දින උළෙල අද ජනපති ප්‍රධානත්වයෙන්!

0
35

ශ්‍රී ලංකාවට නිදහස ලැබී වසර 71ක් සපිරීම නිමිත්තෙන් ජාතියේ අභිමානය විදහා දැක්වෙන ජාතික දින උළෙල, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ගාලුමුව‍ෙදාර පිටියේදී අද (04දා) පැවැත්වේ.

ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය හා ජාතික ශිෂ්‍ය භට බළකාය විසින් පවත්වනු ලබන ආචාර පෙළපාළිය සහ සංස්කෘතික පෙළපාළිය මෙම උත්සවය අලංකාරවත් කරනු ලබයි.

මාලදිවයින් ජනාධිපති ඉබ්‍රහිම් මොහොමඩ් සෝලිහ් සහ එම මැතිනිය මෙවර ජාතික දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වෙති.

මඟුල් බෙර වාදනය සහ සක් හඬ මධ්‍යයේ ජනාධිපතිවරයා විසින් ජාතික ධජය එසවීමෙන් පසු ජාතික දින උළෙල ආරම්භ වෙයි.

ජනාධිපතිවරයා වෙත ජනාධිපති උත්තමාචාරය පිරිනැමීමෙන් අනතුරුව ආචාර වෙඩිමුර 21ක් පිරිනැමීම සිදුකෙරේ.

ජනාධිපතිවරයා විසින් ජාතිය අමතනු ලබන්නේ ඉන් අනතුරුවය.

අද මධ්‍යහ්න 12.00ට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ජාතිය වෙනුවෙන් ආචාර වෙඩිමුර 25ක් පිරිනැමීමටද නියමිතව ඇත.

අද පෙරවරු 7.30ට කොළඹ නිදහස් චතුරස්‍රය අබියස පිහිටි මහාමාන්‍ය ඩී.එස්. සේනානායක පිළිරුව වෙත පුෂ්පෝපහාර පිරිනැමීමටද කටයුතු යොදා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here