“19 වැනි සංශෝධනයෙන් මා බිහිකළ සුජාත දරුවා මේ වන විට අපචාරයට ලක්වෙලා” – ජනපති විශේෂ ප්‍රකාශයක් කරමින් කියයි

0
98

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට අවභාවිත වෙමින් තිබෙන බවත් 19 වන සංශෝධනය නමැති සුජාත දරුවා අපචාරයට ලක්ව ඇති බව කරුණු පැහැදිලිව තමාට ප්‍රකාශ කළ හැකි බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ගැන පාර්ලිමේන්තුවේදී මේවන විට පැවැත්වෙන විවාදයේදී ය.

19 වන සංශෝධනයෙන් බලාපොරොත්තු වූ බොහෝ දේ ඉටු කර ගැනීමට නොහැකි වූ බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

තමන් කළ ප්‍රකාශයක් වැරදියට අර්ථකනය කරමින් තමන් පිළිබදව වැරදි රූපයක් රටට පෙන්වීමට උත්සාහ කරන බවත් අපේම සුජාත දරුවෙක් වන 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව කරන විවාදයට එක්වීමට ලැබීමට ගැන තමා සතුටු වන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.

“කොමිෂන් සභා පිළිබඳව මා කළ ප්‍රකාශයට අවස්ථා කිහිපයකදී අගමැතිතුමත්, ඔබතුමත් (කතානායක) මට පිළිතුරු ලබා දී තිබුණා. මා කළ අර්ථකතනයන් ගැන දැඩි විවේචනයක් අද පාර්ලිරිමේන්තුවේදී කර තිබුණා.මට පෙනී ගියා අගමැතුතාමාගෙත්, ඇතැම් අයත් කළ ප්‍රකාශ අනුව මම ශ්‍රේෂ්ඨාඡධිකරණ හා අභියාචනාධිකරණ විනිසුරුන් ගැන මගේ කිසිම දෝෂාරෝපණයක් විරුද්ධත්වයක් නෑ. ප්‍රශ්ණය කනපිට හරහා මා පිළිබඳව වැරදි රූපයක් රටට පෙන්වන්න කටයුතු කරන බව මට පේනවා. මම මේ සභාවේ සාමාජිකයෙක් නොවෙයි. ජනවාරි 8 මැතිවරණ ප්‍රකාශයට අත්සන් කළ හැමෝම දන්නවා යහපාලන සංකල්පය හා ඊට මුල් වූ කරුණු රාශියක්.” යැයිද ජනාධිපතිවරයා පැවසී ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් මේ වන විට විනිසුරුවරුන් 14 දෙනකුගේ නම් ප්‍රතික්ෂේප කර ඇතැයි ද, ඔවුන්ගේ නම් ප්‍රතික්ෂේප කිරීමට හේතුව දැනුම් දී නැතැයි ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

සේවා කාලයට අදාළව උසස්වීම් ලබා නොදෙනවා නම් එලෙස නොදීමට හේතුව එම විනිසුරුවරුන් දැන ගත යුතු බව ද ජනාධිපතිවරයා කීවේය. තමා කතා කරන්නේ දැනට පත් කර සිටින විනිසුරුවරුන් නොවන බවත්, තමා කතා කරන්නේ පත් නොකළ හරින ලද පිරිස ගැන බවත් ජනාධිපතිවරයා පැවසීය.

‘‘ඒ විනිශ්චයකාරවරුන්ට ව්‍යවස්ථා සභාවවත්, අගවිනිසුරුවත් කාවවත් අහම්බෙන්න බෑ. එයාලට හම්බෙන්න පුලුවන් මාව විතරයි. ඔවුන් කියනවා මම තමයි නම් කපන්නේ කියලා. මුලින් එහෙම හැඟීමක් තිබ්බා. විනිශ්චකාරතුමකුගේ නමක් ව්‍යවස්ථා සභාව ප්‍රතික්ෂේප කරනවා නම් තමාගේ සේවා කාලයට අදාලව උසස්වීම ලබා නොදෙන්නේ ඇයි කියලා දැනගන්න ඔවුන්ට අයිතියක් තියෙනවා. විනිශ්චකාරවරයෙක් කිය්නනේ පොඩි කෙනෙක් නෙමෙයි.  අපිටත් උසස්වීමක් ගන්න කාගේ හරි පස්සේ යන්න වෙයිද කියා විනිසුරුවරුන් ප්‍රශ්න කරනවා‘‘ යැයි ද ජනාධිපතිවරයා කීවේය.

‘‘අද චෝදනාවක් තියෙනවා ව්‍යවස්ථා සභාව දේශපාලනී කරණය වෙලා කියලා. වැටත් නියරත් ගොයන් කා නම් කාටද කියමිත ඒ කතාව කියා කතාවක් තිබෙනවා.‘‘යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා සම්බන්ධයෙන් ප්‍රශ්ණ රාශියක් ඇති බවත් එය තමන් මීට පෙර සඳහන් කළ බවත් ජනපතිවරයා සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here