ශ්‍රී ලංකාවට යොවුන් ඔලිම්පික් රන් පදක්කමක්..! (VIDEO)

0
623

අාර්ජන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක් වෙමින් මීටර් 200 කාන්තා කනිෂ්ඨ ධාවන ඉසව්වේ 3 වන හොඳම කාලය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාව ක වූ ෂෙලින්ඩා ජැන්සන් සමත්ව තිබෙනවා.

ඒ සුසන්තිකා ජයසිංහ සහ දමයන්ති දර්ශාට පසුවයි.

මීටර් 200 කාන්තා ධාවන ඉසව්වේ දෙවන මූලික වටයට එක් වූ ෂෙලින්ඩා ජැන්සන් තරඟය නිම කළේ පළමුවැන්නා ලෙසයි.

ඇය දැක් වූ දක්ෂතාව 24.07.

මෙවර යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළලේ මීටර් 200 කාන්තා ධාවන ඉසව්වට එක් වූ ක්‍රීඩිකාවන් අතරින් කාළ ගණනයට අනුව ඇයට හිමිව ඇත්තේ ලොව 9 වැනි ස්ථානයයි.

ඇය මෙම ඉසව්වේ වාර්තා කළ කාලය ඇයගේ ද පෞද්ගලික හොදම කාලය ද වනවා.

සුසන්තිකා ජයසිංහ – 23.18 – 1994 වර්ෂයේදී

දමයන්ති දර්ශා – 23.21 – 1994 වර්ෂයේදී

‍ෂෙලින්ඩා ජැන්සන් – 24.07 – 2018 වර්ෂයේදී

මේ අතර මෙවර යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 2000 කාන්තා ඉසව්වේ ලෝකඩ පදක්කම දිනාගන්නට වසන්ති මරිස්ටෙල්ලා සමත්වුණා. එය ඉතිහාසයට එක්වුණේ ශ්‍රී ලංකාව දිනාගත් පළමු යොවුන් ඔලිම්පික් පදක්කම ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here