වමත් දඟ පන්දුවේ සුපිරිතමයා රංගන කළ සංවේදි කතාව

0
406

ලොව එතෙක් මෙතෙක් බිහිවූ සාර්ථකම වමත් දඟපන්දු යවන්නා වන රංගන හේරත් අද (09) ක්‍රිකට් පිටියට සමුදුන්නේය

ක්‍රිකට් පිටියට සමුදෙන අවස්ථාවේ ඔහු ටෙස්ට් කඩුලු 433ක් දවාගෙන සිටි අතර එවැනි දස්කමක් කල ලොව පළමු වමත් දඟ පන්දු යවන්නා මෙන්ම හත්වන ක්‍රීඩාකයා ලෙසටද ඔහු වාර්තා පොත් අතරට එක්විය.

එමෙන්ම මෙම තරඟයේදි රංගන ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කඩුලු 100ක දවා ගත් අතර  ඒ අනුව එක් පිටියක කඩුලු 100 සීමාව පසුකළ තෙවැනි ක්‍රීඩකයා ලෙසත් හේරත් වාර්තා අතරට එක්විය.

තරඟය අවසානයේ සිය සමුගැනීම පිළිබඳ රංගන පැවසුවේ මෙවැන්නකි.

‘‘ඔව් මේක සංවේදි අවස්ථාවක්..ඒත් මට අලුතෙන් ජීවිතයක් පටන් ගන්න අවශ්‍යයි.ඉදිරියේදී මම මගේ ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කරාවි.2011 වසෙර් ඉඳන් මට බොහෝ දෙනාගේ සහය හිමිවුණා.මගේ පවුලේ අයට බිරිඳට මිතුරන්ට වගේම සියලුම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්ටත්, ක්‍රිකට් රසිකයන්ටත් මම ස්තුතිය පුද කරනවා.ඔවුන් නොසිටියා නම් මට මේ කිසිවක් ලබාගන්න බැහැ‘‘ යනුවෙනි.

රංගනගේ අවසන් තරඟය නැරඹිමට හිටපු ක්‍රීඩකයන් වන කුමාර් සංගක්කාර මහේල ජයවර්ධන වැනි ක්‍රීඩකයන්ද එක්ව සිටිනු දැකගන්නට ලැබිණි.




LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here