යුද අපරාධ සිදු වූ බව පළමු වරට නිල වශයෙන් අගමැති රනිල් ප්‍රසිද්ධියේ පිලිගත්තා – රනිල්ගේ මහා පාවාදීම සුමන්තිරන් හෙළිකරයි

0
87

මෙරට පැවති යුද්ධයේදී ඊට සම්බන්ධ දෙපාර්ශ්වයම වැරදි සිදු කර ඇති බවට  අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශයක් කර ඇතැයි දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

ඊයේ යාපනයේ තරුණ සංගම් ශාලාවේ පැවති ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ තරුණ සමුළුව අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බවත් ඒ කියන්නේ ජාත්‍යන්තර අපරාධ සිදුවු බවත් ඔහු පැවසුවේ විශේෂයෙන්ම යුද්ධයේ අවසන් කාලයේදී මේවා සිදුවු බවයි.

ඒත් පොදුවේ ගත්තාම යුද්ධ කාලයේදී බොහෝ දුරට මේ වගේ දේවල් සිද්ධ වෙන එක හැමෝම දන්න සත්‍යයක් බවද ඔහු පැවසීය.

ඒක ප්‍රතික්ෂේප කල නොහැකි බවත් ඒක වහන්නත් සහ  ඒක අමතක කරන්නත් නොහැකි බවත් පවසමින් ඔහු පැවසූවේ ශ්‍රී ලංකා රජය මෙච්චර කාලයක් ලංකාවේ යුද විරුවන් වැරැද්දක් කළේ නැති බව ලෙසින් පැවසූ බවයි.

යුද විරුවන් වැරදි කර තියෙනවා කියලා සති 2කට පෙර මහින්ද රාජපක්ෂට වැරදීමකින් හෝ කියවුණ බවත් නමුත් ඊයේ දිනයේදී පළමුවෙනි වරට නිල වශයෙන් රටේ අගමැති ප්‍රසිද්ධියේ දෙපාර්ශ්වයම වැරදි කරලා තියෙන බව ප්‍රකාශ කල බවත් ඒක අගය කරන්න ඕන කරුණක් බවත් පැවසීය.

මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පැවසූවේ නමුත් මේක කියන්න අවුරුදු 10ක් ගිහින් තියෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here