මාස 16 පසු තරග 23 පසු මෙන්ඩිස් හතුරුසිංහගේ කලිසම නැවත අන්දයි පිටිය මැද හිසනමා ආචාර වැදුම් පිදුම්

0
1830

එංගලන්තය හා ලංකාව අතර අවසන් එක්දින තරගයේ පළමුව පන්දුවට පහර දුන් ලංකාව පන්දුවාර 50 අවසානයේ ලකුණු 366/6 ලබා ගත්තා. ඒ එංගලන්තයට එරෙහි ලබාගත් වැඩිම ලකුණ වන අතර අද තරගය ජය ගතහොත් ශුරයන්ගේ කුසලානයේ ඉන්දියාවට එරෙහි 2017 ජුනි 300 ක් ලබා ගත් පසු ලබාගත් පළමු ජයග්‍රහණයද වනවා.

ආරම්භය සාර්ථක වූ අතර දික්වැල්ල ශතකය අභියස සිටියදී ලකුණු 95 කට දැවී ගියේ පන්දු 97 කදී. සදිර 54 යි. ඒ ඔහුගේ පළමු අර්ධ ශතකය.

අනතුරුව නායක චන්දිමාල් හා හතුරුසිංහ දිගින් දිටම අවස්තාව දුන් කුසල් මෙන්ඩිස් එකතුව හොඳ සම්බන්ධතාවක් පැවැත්වුවා. නායක චන්දිමාල් අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 73 කින් ලකුණු 80 ලබා ගත්තේ හයේ 2 ක් හා 4 පහර 6 සමගින්.

පසුගිය තරඟ ගණනාවේදිම දුර්වල ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ කුසල් මෙන්ඩිස් අද තරඟයේදි වේගවත් අර්ධ ශතකයක් වාර්තා කිරීමට සමත් වූයේය. පන්දු 33කට මුහුණදුන් මෙන්ඩිස් එහිදී ලකුණු 56ක් රැස්කළ අතර ඔහුගේ ඉනිමට හයේ පහර 6ක් හා එක් හතරේ පහරක් අන්තර්ගත විය.

සිය අර්ධ ශතකය වාර්තා කළ මෙන්ඩිස් පුහුණුකරු චන්දික හතුරුසිංහ ඇතුළු ක්‍රීඩකයන් සිටි ක්‍රීඩාගාරය වෙත හිස නමා ආචාර කරන අයුරුද කාගෙත් අවධනයට ලක්විය. එංගලන්තය සමග මීට පෙර පැවති තරඟ තුනෙන් දෙකකදී මෙන්ඩිස් ලකුණු නොලබා දැවී ගිය අතර මාස 16 කට පසු තරග 23 කට පසු වාර්තා කල පළමු අර්ධ ශතකය මෙයයි.

නමුත් හතුරුසිංහ ප්‍රිය නොකරන ලබරෝයි ප්‍රිය නොකරන ක්‍රීඩකයන්ට මෙවන් අවස්ථා ලැබෙනවාද යන්නම් විශාල ප්‍රශ්නයක්. අද ලංකාවේ සිටින ජෙෂ්ටයන් දෙදෙනා වන මාලිංග සහ තරනග ක්‍රීඩා නොකළ අතර කුසල් පෙරේරා අභාදයට ලක්වෙද්දී 15 සංචිතයේ සිටින ලෝක ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්වල ලොව 10 දෙනා අතර සිටින මේ වන විට දේශීය තරගවල ලකුණු අතර සිටින දිමුත් කරුනාරත්නට එකදු තරගයක්වත් ලබා නොදී මෙසේ අවස්ථා ලබා දී දැන් අර්ධ ශතකයක් ලබා ගත් නිසා තවත් තරග 25 ක් කිසිදු ප්‍රශ්නයක් නැතිව සිටීමට ඉඩ දෙන පුහුණු කරුට මෙන්ඩිස් පිටිය මද බඩගා වැන්දත් පාඩු නැතියි අපට සිතේ.

සමහරක් විට මේ තරගය නිසා තරංග නැවත ලංකා කණ්ඩායමේ දැකගන්නට නොහැකි වීමට පුළුවන් අතර මොවුන්ට අවශ්‍ය අලුත් කණ්ඩායමක් ලෝක කුසලානයට යවා ඔවුන්ට අවශ්‍ය පුද්ගලයන් ලවා ක්‍රිකට් ගෙන යාමට ඉඩ තිබේ. එසේම ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ වෙනාදා දකින ප්‍රේක්ෂකයන් ප්‍රමාණය නැති අතර බොහෝ හිස් ආසන දැකගන්නට තිබේ.

මිනිසුන්ට කන්න බොන්නවත් නැති රටක තිබෙන සොච්චමෙන් ටිකට් එකක් ගෙන තරගයක් නරබන්න ගිය ලාංකිකයන්ගේ හැගීම් මුදල් වෙනුවෙන් ක්‍රීඩා කල උන් සහ පාලනයේ ඉන්න උන් පාවාදුන්නා කියා සිතෙන විට මෙවන් සිද්දි විය හැකි.

එසේම අද දිනයේ තරගය ජයගතහොත් ලංකාවේ ප්‍රේක්ෂකයන්ටද සියල්ල අමතක වී ප්‍රශ්න අමතක වීමටද බොහෝ ඉඩ ඇත.

නැවත ඊලග තරගාවලිය පරාජය වන විට ප්‍රශ්න නැවත මතක් වීමටද ඉඩ ඇති බව මේ සියල්ල පිළිබද බලා සිටින අපට අනුමාන කල හැක.

මේ තරගයේ දෙවන භාගයේ සජීවී දසුන්

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here