ජනපති කළ කතාවට එජාපයෙන් පිළිතුරු!

0
150

ඉකුත් සමයේ සිදු වූ වැරදි තවදුරටත් සිදු වන්නේ නම් ඉදිරි ගමන පිළිබඳ ඇති සහතිකය කුමක්දැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණෙන් ප‍්‍රශ්න කරනවා. ගැටුම් සමග තවදුරටත් කටයුතු කිරීමට තමා සූදානම් නොමැති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ නව අග‍්‍රාමාත්‍යවරයා සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් ඊයේ (16) අමතමින්. මහ බැංකු වංචාව සම්බන්ධයෙන් සිදු කෙරුණු පරීක්ෂණවල ප‍්‍රගතිය පිළිබඳ තමා කණගාටු වන බවද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළා. දූෂණය සහ වංචාවට එරෙහිව තමා තවදුරටත් පෙනී සිටින බවයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ.

ජනාධිපතිවරයා සමග ඊයේ පැවති සාකච්ඡාවෙන් පසු එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී සජිත් පේ‍්‍රමදාස පළ කළේ මෙවන් අදහසක්.

“අපි මේ ගමන අර්බුද ඇති කරගන්නේ නැතිව..අර්බුද තිබෙනවා නම් තනි තීරණ ගන්නේ නැතිව..සාකච්ඡා කරලා විසඳා ගැනීමට කටයුතු කළ යුතුයි. ජනාධිපතිතුමා ඒ අවස්ථාවේ ඉදිරිපත් කරපු කරුණු කාරණා හදවතින්ම ඉදිරිපත් කරපු කරුණු කාරණා. අපි ඒවා සියල්ලම අපේ හදවතට ගත්තා. ඒ වගේම ඔබතුමාට බොහොම පැහැදිළිව කියන්න ඕනේ.. අපේ ගරු අග්‍රාමාත්‍යතුමා කිසිම දවසක ඔබතුමාට දෝෂාභියෝග එල්ල කිරීම ගැන කථා කළෙත් නෑ..ඒවා කරන්නට බලාපොරොත්තුවකුත් නෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here