ගල්කිරියගම මුස්ලිම් වැසියන් පිණ්ඩපාතයේ වැඩි හාමුදුරුවන්ට මොකද කලේ

0
78

ගල්කිරියාගම නගරය සිංහල මුස්ලිම් ජාතින් ජිවත් වන සංහිඳියාවේ නගරයෙකි. මෙහි පිහිටා ඇති ගල්කිරියාගමපොලිසිය සංවිධානය කරන ලද ත්‍රිපිටකාභවන්දනා පින්ඩපාත චාරිකාව ඊයේ 16 පැවැති අතර එහිදි මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් විසින් පින්ඩපාතේ වැඩම කරන ලද භික්ෂුන් වහන්සේලා සඳහා දානය පිළිගැන්විම දැක ගත හැකි වු අතර මෙය සංහිඳියාව සඳහා කදිම නිදසුනක් වන බව බොහෝ දෙනෙකු පැවසීය.

ගල්කිරියාගම  පින්ඩපාත චාරිකාව සංවිධානය කර තිබුණු අතර ඒ සඳහා භික්ෂුන් වහන්සේලා 40 කට ආසන්න පිරිසක් වැඩම කරන ලදි. පොලිසිය වෙත වැඩම කරන ලද භික්ෂුන් වහන්සේලා වෙනුවෙන් උදෑසන කොළ කැඳ දානමය පූජාවක් පොලිස් ස්ථානයේදි සිදු කරන ලද්දේ හෙම්මාතගම පොලිසියේ ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතා හා කාර්ය මණ්ඩලය, සිවිල් ආරක්ෂක කමිටු වල සමාජිකයින් විසිනි.

මුතු කුඩ යටින් පා ගමනින් විහාරස්ථානය වෙත මෙම පින්නපාත චාරිකාව ගමන් කරන ලද අතර මෙම වැඩම කරන ලද භික්ෂුන් වහන්සේලාට උන්වහන්සේලා වැඩම කරන මාර්ගය දිගේ සිටි ලොකු කුඩා හැම කෙනෙකු විසින්ම දානය පූජා කර අතර නගරය මැදින් වැඩම කරන ලද හිමිවරුන්ට ගම්පොල මං සන්දියේදි මුස්ලිම් ජාතිකයන් විශාල පිරිසක් විසින්ද දානය සඳහා විවිධ දෑ පූජා කිරිම සිදු විය.

වයස අවුරුදු 80 ඉක්මවු වයවෘද්ධ භික්ෂුවක් ත‍්‍රීරෝද රථයකින් පින්නපාත චාරිකාවට එක් වි සිටි අතර මෙම කටයුත්ත සංවිධානය කිරිමට හෙම්මාතගම පොලිසියේ ප‍්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක චන්ද්‍රසේන මහතා මෙන්ම වැඩබලන පොලිස් ස්ථානාධිපති එදිරිසිංහ මහතා සිවිල් ආරක්ෂක කමිටු නායකයින් පොලිස් ස්ථානාධිපති මෙෂාන් ඉන්දුක ද සිල්වා මහතාගේ උපදෙස් අනුව කටයුතු කරන ලදි.

ගල්කිරියාගම නගරයේ බෞද්ධ කොඩි එල්ලා මෙම පින්ඩපාත චාරිකාව ඉතා සාර්ථික පොලිසිය මගින් සංවිධානය කර තිබුණි.

Image may contain: one or more people and people standing

Image may contain: 1 person, standing and outdoor

Image may contain: 4 people, people standing and outdoor

Image may contain: 5 people, text

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here