එජාපය දෙදරා යයි! රනිල් නායකත්වයෙන් දොට්ට් – චම්පික රාජිත පොරකයි නායකත්වයට

0
2295

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් ඊයේ (09) රාත්‍රී පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගින් එජාපයේ දෙදරා ගොස් අැතැයි එම පක්ෂ අාරංචි මාර්ග පවසයි.

විශේෂයෙන් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා දැන්වත් නායකත්වයෙන් ඉවත් වී පක්ෂය ප්‍රතිසංවිධානය කළ යුතු බවත් පක්ෂය විනාශ කරමින් ජනපති සමග තිබූ සම්බන්ධය නැති කළ පක්ෂයේ බලය අැල්ලීමට මාන බැලූ චම්පික රණවක, රාජිත සේනාරත්න, සරත් ෆොන්සේකාට පක්ෂයෙන් පන්නා දැමිය යුතු බවත් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් සහ පසුපෙල මන්ත්‍රීවරුන් අවධාරණය කර තිබේ.

මේ අතර මේවන විටත් අරලියගහ මන්දිරයට දැඩි කලබලකාරී ස්වභාවයක් ගෙන තිබේ. ඒ රනිල් වික‍්‍රමසිංහද අරලියගහ මන්දිරය අතැහැර දැන් මැතිවරණයට මුහුණ දීම සදහා පක්‍ෂය සූදානම් කල යුතු බවට එජාප පසුපෙල මන්ත්‍රීවරු පෙන්වා දී තිබේ.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ තීරණය ව්‍යවස්ථා විරෝධී බවත් පැවති පාර්ලිමේන්තුවම යලි ස්ථාපිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට යා යුතු බවටත් ඇතැම් එජාප මන්ත්‍රීවරු පිරිසක් තර්ක කරති.

දැන් ඒ සියල්ල නවතා මැතිවරණයට මුහුණ දීම සදහා තම තමන්ගේ ආසන බලා පිටත් විය යුතු බව එජාප අති බහුතරයකගේ අදහස වී ඇත.

මේ තත්වයන් මැද පෙනී යන්නේ අරලිගහ මන්දිරය අතහැර සිය ආසන කරා පසු බැසීම හෙට දිනයේදී සියළු හිටපු මන්ත‍්‍රිවරුන් විසින් සිදු කරනු ඇති බව යැයි එම ආරංචි මාර්ග පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here